Posts

Showing posts from June, 2022

ගීසා හි අභිරහස් පිරමීඩ

Image
  ඊජිප්තුව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ එහි පිරමීඩ නම් වූ දැවැන්ත සොහොන් කොත් නිසා බව රහසක් නොවේ. පිරමීඩ යනු පෙර කල සිටි ෆේරෝ(පාරාවො) රජවරුන්ගේ සොහොන් කොත් යැයි කීවොත් එහි වරදක් නැත. ෆේරෝ රජවරු තම මතු ආත්මයෙහි ජීවිතයට අවශ්ය සියලු දෙයම පිරමීඩ තුළ රැස් කළහ. එලෙස ෆේරෝ රජවරුන්ගේ මරණයෙන් පසු, රජුගේ දේහය අවුරුදු දහස් ගනණක් ගත වුවත් නොදිරණ සේ බෙහෙත් ගල්වා මමිකරණයට ලක් කර රජුගේ වස්තු සම්භාරයද, මමිකරණයට ලක් කළ රජුගේ දේහය ද සමඟ පිරමීඩ තුල තැම්පත් කරණ ලදි. ඔවුන් එසේ මෘත සිරුරු නොදිරණ සේ පවත්වා ගත්තේ කෙසේද යන්න තවමත් ලොවට අභිරහසක් ව පවතී. ඔවුන් ඒ සඳහා කිසයම් රහස් වට්ටෝරුවක් භාවිත කර ඇති බවට බොහෝ දෙනා සිතුවත් එය නිර්මාණය කිරීමට නවීන විද්යාව තවමත් අපොහොසත් වී ඇත. ඊජිප්තුවේ දැනට පිරමීඩ 10 ක් පමණ ශේෂ වී ඇත. අනෙක්වා නිදන් වස්තු කොල්ලකරුවන් විනාශ කරනු ලැබ එහි ඇති ගල් බැමි, ගෙවල් තැනීමට ගෙන ගොස් ඇත. දැනට ඉතිරිව ඇති පැරණිම පිරමීඩය ජෝසර් රජුට අයත්ය. එය අවුරුදු 4600ක් පමණ පැරණි පඩි ආකාර අවලස්සන පිරමීඩයකි. ජෝසර්ගේ පිරමීඩයට අඩි 28 ක් යටින් ඔහුගේ සොහොන් ගැබ පිහිටා ඇත. නෙෆෙරුගේ පිරමීඩය ඊට වඩා පසු කාලයට අයත්ය...

උඩු ගුවනේදී අනතුරට ලක්වීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානය බේරාගත් ආකාරයේ තාක්ෂණික විමසු​ම

Image
  පසු ගිය දිනෙක ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකුය් බ්‍ර්ටිශ් එයාවේස් සමාගමට අයිති ගුවන් යානයකු​යි අඩි 30,000කට අධික උඩුගුවනේදි එකිනෙකට හැප්පිමට ගිය සිද්ධිය​ක් ගැන වාර්තා උනා මතක ඇතිනෙ. මෙ අනතු​ර සිදු වුනා න​ම් අද ජීවිත 300කට ආසන්න ප්‍රමාණ​ය නැති වෙලා. මෙ අනතුර වලක්වාගත්තෙ කොහොමද ? මෙ අනතුර වැලකු​ණේ නියමුවන්ගෙ දක්ශතාවය මතද ? ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ ලිපිය හරහා අපි ඔයාලට අරගෙන එනවා. සාමානයෙන් ගුවන් යානයක් අනතුරකට පත්වෙන්​න පුළුවන් ක්‍රම කිහිපයක තිබෙනවා. ඒ ක්‍රම අතුරෙන් එක ක්‍රමයක් තමා එකිනෙක ගැටි අනතුරට ලක්වීම. හැබැ​යි මේක වළක්වා ගන්න ගුවන් යානය සතුව Traffic collision avoidance system (TCAS) න​ම් උපකරණ​ය තියෙනවා. Traffic collision avoidance systemහි ක්‍රියාකාරීත්ව​ය සරල​ව මේ Traffic collision avoidance system එක වැඩ කරන්නෙ මෙහෙම​යි. මේ උපකරණය ගුවන් යානයෙ බඳ​ට පහලින් සහ ඉහළින් ඇති ඇන්ටනා දෙකක් මඟින් තොරතුරු ලබා ගන්නවා. මේ ලබා ගන්නා තොරතුරු ගුවන් යානයේ ඇති පරිගණකයට ලබා දීම සිදු කෙරෙනවා. මේ ඇන්ටනා වලින් සිදු කෙරෙන්නේ යානය වටා ත්‍රිමාණ ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීමයි. එතනදි ...

බලන්න ෆිල්ම් එකක් හොයාගන්න ඕනෑ වුණාම යා යුතු වෙබ් අඩවි

Image
  කම්මැලිකමක් හිතුණු වෙලාවට, එහෙමත් නැත්නම් ඩේටා වැඩිපුර තියෙන වෙලාවක බාගන්න අලුත් ෆිල්ම් එකක් කල්පනා කරද්දි තමන්ගේ රසයට ගැලපෙනම එකක් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. යාළුවන්ගෙන් ඇහුවත්, ෆේස්බුක් වැනි online post කිරීමකින් ඇහුවත් ඒ අය කියන්නේ ඒ අයට ගැලපෙන දේවල්. ඒවා බැලුවාම අන්තිමට ඩේටා ටිකයි, බාන්න සහ බලන්න ගියපු කාලය යි අපරාදේ කියලා හිතෙනවා. Rating අනුව තීරණයක් ගන්න ගියත් අඩු rating අගයක් තිබෙන, අපේ සිත්ගත හැකි චිත්‍රපටි ඕනෑ තරම් තියෙන්නට පුළුවන්. අපි කොච්චර ෆිල්ම් බැලුවත් IMDb සයිට් එකට ගිහින් අපේ ප්‍රතිචාරයක් පළ කරන්නේ කීයෙන් කී දෙනා ද? ඉතින් ෆිල්ම් එකක් සමහර වෙලාවල්වල දි ratingවලින් මනින්නත් අමාරු යි. ඒ, එතන තියෙන්නේ හැමෝගෙම කැමැත්ත අනුව ලැබුණු අගයක් නිසා. මේ දැවෙන ප්‍රශ්නය විසඳන්න ඔන්න අපි ඉදිරිපත් වෙනවා. ඔබේ කැමැත්තට, මේ වෙලාවෙ තියෙන mood එකට වඩාත්ම ගැලපෙන ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් නොමිලේම ලබාදෙන සේවාවන් ගැන යි මේ ඔබට කියන්න යන්නේ. මෙම වෙබ් අඩවි චිත්‍රපට සොයාගැනීමට පමණ යි.  Filter කරමින් සොයා ගන්න  Movie of the Night නානාප්‍රකාර වෙළඳ දැන්වීම් හා අවධානය ඉවත යන දේවල...

සයිබීරියාවෙන් මතු වූ වැම්පයර්

Image
  මිනිස් ලේ උරා බොන වැම්පයර්වරුන් ගැන ඔබ මීට පෙර අසා ඇත්තේ ප්‍රබන්ධයකින් වන්නට ඇත. කවුන්ට් ඩ්‍රැකියුලා නම් ධනවත් පුද්ගලයෙකු මිය යාමෙන් පසු ජීවත්ව සිටින මිනිසුන් කරා පැමිණ ඔවුන්ගේ ලේ උරා බීම පදනම් කරගත් “ඩ්‍රැකියුලා” සහ සත්ව ලේවලට හුරු වූ වැම්පයරයන් පිරිසක් සැබෑ ලොව මිනිසුන් සමග ජීවත් වීමේ කතාවක් පදනම් කරගත් “ට්වයිලයිට්” වැනි ප්‍රබන්ධ මේ අතර ප්‍රධාන වේ. මේ කතා සියල්ලම මනඃකල්පිත එ්වා වුවත් සැබෑ ලෝකයේ ද එවැනි පුද්ගලයන් සිටි බවටද කතා පළ වේ. මේ පවසන්නේ කාටත් ප්‍රෙහේළිකාවක් වෙමින් සයිබීරියානු මිනිසෙකු වැම්පයර් ගති ලක්ෂණ පෙන්වූ සිද්ධිය පිළිබඳවයි. ආර්නෝල්ඩ් පයාලේ ආර්නෝල්ඩ් පයාලේ නැමැත්තා ජීවත් වූයේ මීට සියවස් ගණනාවකට පෙර දී යි. ඔහු 17 වන සියවසේ සයිබීරියාවේ මේඩ්වෙඩා නම් ග්‍රාමයේ ජිවත් වූ අයෙකි. ඔස්ට්‍රියන් හමුදාවේ සාමාජිකයෙක් වූ ඔහු යුද්ධය අවසන් වී ගම රට බලා පැමිණෙමින් සිටින අතරතුර ප්‍රහාරයකට ලක් විය. සැබවින්ම එය අද්භූතජනක ප්‍රහාරයක් යැයි පැවසේ. කෙසේ වුවද ඒ ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට නම් ඔහුට හැකි විය. ප්‍රහාරයෙන් මිදී ගමට පැමිණියත් ඔහුට සිදු වූ අනතුර පිළිබඳව නම් විවිධ කතා ගම...

බදු සමඟ වෙනස් වූ Dialog Blaster පැකේජවල දැන් තත්ත්වය

Image
  2019 වසරේ සිදුකළ බදු සංශෝධන මඟින් පසුගිය වසර දෙක තුළ රජයට අහිමි වූ රුපියල් ට්‍රිලියන 1.8ක ආදායම අය කර ගැනීම සඳහා 2022 ජුනි මාසය මුලදී බදු සංශෝධනයක් ගෙන ආවා. ඒ අනුව සියලු ම දුරකථන සේවා බදු වැඩි වී ඇති අතර ඇමතුම් හා ඩේටා පැකේජවල මිල මෙන් ම ලැබෙන ඩේටා ප්‍රමාණ පවා වෙනස් වී තිබෙනවා. විදුලි සංදේශ බද්ද 15.31% කින්, සෙස් බද්ද 2.04%කින්, සහ වැට් බදු 14.08% කින් වැඩිවීම නිසා පැකේජ ගාස්තු සං‍ශෝධනය වී තිබෙනවා. මේ නිසා ඔබ පැකේජයක් සක්‍රීය කරගන්නට රීලෝඩ් කළ යුතු ප්‍රමණය වැඩි වී ඇති අතර, ඩේටා කාඩ්වල මිල වෙනස් වී නැහැ. ඒ වෙනුවට, ඒවා සඳහා ලැබුණු ඩේටා ප්‍රමාණය අඩුවී තිබෙනවා. පෙම්වතුන් සඳහා වූ Couple Blaster ඔබ තෝරා ගත් අංකයකට මාසයක් පුරා Unlimited ඇමතුම් සහ SMS යවන්නට හැකි Couple Blaster පැකේජය පෙර තිබුණේ රුපියල් 123කට යි. සියලු ම ඩයලොග් පෙරගෙවුම් මෙන් ම පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම සේවාව ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. සක්‍රීය කළ දිනයේ සිට දින 30ක් පුරාවට මේ පහසුකම් අත්විඳිය හැකි යි.  මෙහි විශේෂත ම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාට ම, එම අංක දෙක අතර UN...

ගුවන්යානා විශ්‍රාම යන හැටි

Image
  සෑම භාණ්ඩයක් ම, යන්ත්‍රයක් භාවිතයේ දී ක්ෂය වනවා. ඒවා නැවත භාවිතයට ගත නොහැකි තත්වයට පත්වනවා. රථ වාහනවල මෙම තත්ත්වය අප එදිනෙදා ජීවිතයේදී අත්විඳිනවා. අත්හැර දැමූ වාහන විශාල ඉඩම්වල ගොඩ ගසා තිබෙනු දැකිය හැකි යි. අපේ රටේ මෙවැනි ස්ථාන එතරම් සුලබ නොවුණත් වෙනත් රටවල "ස්ක්‍රැප් යාඩ්" (Scrap Yard) යනු අද වන විට අනිවාර්යයක් වී තිබෙනවා. ගුවනේ ගමන් කරන වාහනවලටත් අවසානයේ මේ ඉරණමට මුහුණ දීමට සිදු වනවා. ගුවන්යානා, භාවිතයෙන් ඉවත් කිරීම සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳ මේ ලිපියෙන් කියවන්න ඔබට පුළුවන්. ගුවන්යානයක ආයු කාලය නූතන මගී ප්‍රවහාන ගුවන්යානයක ආයු කාලය වසර 25-30ක් පමණ වනවා. මෙය නිශ්චිත වසරක් ලෙස දැක්විය නොහැක්කේ ආයු කාලය වඩාත් රඳා පවතින්නේ ගුවන්යානය ඇතුළත පීඩනකරණය කරන වාර ගණන (Pressurization cycles) මත යි. බෝයිං 747 යානයක් පීඩනකරණ වාර 35,000කට පමණ ඔරොත්තු දෙනවා. එය, එම අගයට ළඟා වන්නේ වසර 30ක පමණ ආයු කාලයකට හෙවත් පියාසර පැය 135,000-165,000කට පසුව යි. මේ ගැන අවබෝධයක් ලබා ගන්නට නම්, ගුවන්යානයක පීඩනකරණය යනු කුමක්දැයි පළමු ව අප පැහැදිලි කරගත යුතු යි. පෘථිවිය වටා වායුගෝලීය ස්තරයක් පවතින බව අප දන්...