Posts

අකලට වයසට යාම.මොකද්ද මේ ප්‍රොජීරියාව

Image
 ප්‍රොජිරියාව එහෙමත් නැත්තම් hutchinson-gilford සහලක්ෂනය කියන්නේ ඉතාමත් දුර්ලභ ජානමය ආබාධයක් මෙහිදි සිදුවන්නේ ශරීරයෙන් වයසට යාම සිදුවේ.සිදුවේ සීයට සීයක් මාරාන්තිකය බොහෝ විට උපතෙන් පසු උපරිම වශයෙන් අවුරුදු 14 පමන ජීවත් වේ.ගොදුරු වූ තැනැත්තා බොහෝ විට හෘදයාබාධයකින් මියයෑම සිදුවේ. රෝගයේ මූලික ලක්ෂන කිහිපයකි. ශරීරයේ සම්පූර්ණ හිසකෙස් නැතිවීම සීමිත වර්ධනය හා මුහුනේ විශේශ ලක්ෂන රැලි වැටුණු සම මුහුණට වඩා විශාල හිසක්  සම්පූර්න ලෙස වැසීමට නොහැකි ඇස් නහර සම හරහා දැකිය හැකි වීම මහලු ස්වරූපය ලොව පුරා රටවල් 43 ක මේ වනවිට ත් ප්‍රොජීරියාව හදුනාගෙන ඇතත මේ දක්වා මෙයට සාර්තක ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැත මන්ද මේ රෝගයේ දුර්වල බව නිසාම මෙයට ප්‍රතිකාරයක් සෙවීම සදහා වෙන් කරන අරමුදල් ප්‍රමානය ඉතා කුඩා වීමයි.ලොවපුරා මේ වන විට ලමුන් 100 ක් පමන මෙම රෝගයට ගොදුරු වී ඇත.නව යොව්න් වියේ දරුවෙක් නම් බොහෝ විට 80 ක වැඩිහිටියෙකු ගේ පමණ මහලු පෙනුමක් පෙන්නුම් කරයි. ප්‍රතිකාර ප්‍රොජිරියාවට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති නමුත් මෙම රෝගය වර්ධනය අඩාල කිරීමට ප්‍රතිකාර දැනට සොයාගෙන තිබේ.නිශ්චිත ප්‍රතිකාර නොමැත රෝගයට හේතුව රෝගය...

මොකද්ද මේ සමතුලිතතා ප්‍රකාශනයේ ජලය අත ඇරලා ලියන කතාව

Image
 ගොඩක් ලමයි වැරදියට ඉගෙන ගන්න දෙයක් තමයි.මේ ඉහත කියපු කතාව සමහර අය කටපාඩමුත් කරන් ඉන්නවා. අපි දැන් බලමු ජලය අඩංගු වෙන ප්‍රතික්‍රියාවක්. SbCl 3 ( aq ) + H 2 O ( l ) = SbOCl ( s ) + 2 H + ( aq ) + 2 Cl - ( aq ) දැන් හිතා ගන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධවෙන්නේ මේ ජලය අඩංගු භාජනේ කියලා. දැන් ඔයාලා මේකේ සමතුලිතා ප්‍රකාශනය ලිව්වම එන එක මෙන්න මේ ප්‍රකාශනය දැන් මේ sbocl අයින් වුනේ මොකද කියලා අහන්න එපා ඒ මොකද ඒක ඝනයක් ඝනයක සාන්ද්‍රණය නියතයි.මෙතන දි ජලය අයින් කලේ මොකද දන්නවද මේ ප්‍රතික්‍රියාව කරන පද්ධතිය තියෙන්නේ ජලය ඒ වගේම ජලය විශාල ප්‍රමානයක් තියෙනව ඉතින් මහ මුහුදෙන් දිය දෝතක් ගත්තත් දිය දෝතක් දැම්මත් ලුණූ රහ වෙනස් වෙනවද ලුණූ රහ නියතයි නේද ඒ වගේ තමා මෙතන ජලය විශාල ප්‍රමානයක් තියෙන හින්දා ජලය නියත වෙලයි තියෙන්නේ.ඒකයි සමතුලිත ප්‍රකාශනයේ මේ වගේ ජලය නියත හින්දා නොලියන්නේ ඇත්තටම නොලියනව නෙමෙයි.මෙතන සමතුලිතා නියතය ඇතුලේ ඒ පදයත් තියෙනව හැබැයි අපි මෙහෙම හිතුවොත් ඔය ප්‍රතික්‍රියාවම ඊතර මාධ්‍යයක කරොත් එතකොට තියෙන්නේ ජලය මුහුදක් නෙවෙයිනේ ඊතර මුහුදක් ඒක නිසා ඒ සමතුලිතතා ප්‍රකාශනයේ ජලය ලියන්නම ඕ...

දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක්

Image
  විද්‍යාව සහ ඉතිහාසය කියන්නේ බොහො ම රසවත් විෂය පථයන් දෙකක්. එම විෂය පථ දෙක එකට ගත් විට රසවත් බව තවත් වැඩි වෙනවා. ඉතිහාසය පෝෂණය කිරීමෙහි ලා විද්‍යාව ඉටු කොට ඇති කාර්යභාරය අති විශාල යි. සරලව ම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස ඇති ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පමණක් වුණත් අපට කරුණු රාශියක් සොයාගත හැකි යි. ඒ අනුව මූලද්‍රව්‍ය කිහිපයක් පිටුපස ඇති රසවත් ඉතිහාස කතා කිහිපයක්  ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම.   මායාකරුවන්ගේ අභිරහස් පාෂාණය  වර්තමානයේදී බේරියම් මූලද්‍රව්‍යය සහ බේරියම් ආශ්‍රිත සංයෝග විවිධ කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා භාවිත කරනවා. සෞඛ්‍යමය ගැටලු සඳහාත් බේරියම් ආශ්‍රිත සංයෝගවලින් මනා ප්‍රයෝජනයක් ලැබෙන බව සඳහන් වෙනවා. බේරියම් කියන්නේ මිනිසුන් මධ්‍යකාලීන යුගයේ පවා හොඳින් දැන සිටි මූලද්‍රව්‍යයක්. එය අද අපි දන්නා ආකාරයට වඩා වෙනස් ආකාරයකින් එදා ප්‍රයෝජනයට ගත් බවක් පෙනී යනවා.  මධ්‍යකාලීන යුගයේ ඉතාලියේ බොලොග්නා ප්‍රදේශය අවට එක්තරා සිනිඳු පාෂාණ විශේෂයක් දක්නට ලැබී තිබෙනවා. කෙටි කාලයක් ආලෝකයට නිරාවරණය වීමට ඉඩ හැර අඳුරේ තැබූ විට අඳුරේ පවා බැබළීමේ හැකියාවක් එම පාෂාණ විශේෂයේ තිබූ...

ජලභීතිකාව ගැන දැනගනිමු

Image
  අනාදිමත් කාලයක සිට සුනඛයා මිනිසාගේ පරම මිතුරා ලෙස සැළකෙනවා. ගේ-දොර, වතු-පිටි, ඉඩ-කඩම් ආරක්ෂා කිරීම මෙන්ම ආදරය, ගෞරවය, හා ලෙංගතු කම ලබා දීමට ද ඔවුන් රුසියන්. සුනඛයෙකුගෙන් මිනිසාට සැළසෙන යහපත අති මහත්. කෙසේ නමුත් ඔවුන්ගෙන් මිනිසාට සිදුවෙන අයහපතත් නැතුවාම නොවේ. මින් ප්‍රබලතම අයහපතක් වන්නේ මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව සුනඛයින්ගෙන් මිනිසාට බෝ විය හැකි ප්‍රවණතාවය යි. කෙසේ නමුත් වර්තමානය වන විට එන්නත් කිරීම තුළින් බොහෝ දුරට මේ අවදානම පහ කිරීමට නවීන විද්‍යාව සමත් වී තිබෙනවා. වර්තමානයේ තම සුරතල් සුනඛයාව ජලභීතිකාවෙන් ආරක්ෂා කර ගැනීමට මිනිසුන්ට හැකියාව තිබුණත්, මීට කලකට ඉහත දී එය ඉහළ මට්ටමේ අවදානමක් ගෙනදුන් රෝගයක් වුණා. අද වන විටත් ජලභීතිකා එන්නත් ලබා නොදුන් සුනඛයින්, බළලුන් වැනි සතුන් අයාලේ ගැවසෙන නිසා ලෝකයා ජලභීතිකා අවදානමෙන් සම්පූර්ණයෙන් මිදී ඇතැයි කියන්නට බැහැ. මොකක්ද මේ ජලභීතිකා රෝගය? ජලභීතිකා රෝගය හටගන්නේ රේබීස් නම් වෛරසය හේතුවෙනුයි. මොළය හා මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙන මෙය, ක්ෂීරපායි සත්ත්වයෙකුගෙන් තවත් සත්ත්වයෙකුට ව්‍යාප්ත වන්නේ ආසාදනය වූ සත්ත්වයාගේ ඛේටය තවත් සතෙකුගේ රුධිරයට හෝ ශ...

මොකද්ද මේ සාගර විශ්වවිද්‍යාලය

Image
  💙🤍ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය🤍💙 බොහෝ දෙනෙක් නොදැනුවත්ව සිදුකරන වැරදි ක්‍රියාවක් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි සදහන්ව නොමැති විශ්ව විද්‍යාල, අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික යැයි සිතා අතහැර දැමීම. නමුදු නිශ්චිත වෘත්තීය ක්ෂේත්‍රයක් ඉලක්ක කොට හදුන්වා දෙන ලද උපාධි පාඨමාලා වලට වැඩි වටිනාකමක් වර්තමාන යේ හිමිවන බව ඔබ නොදන්නවා විය හැකියි. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය කියන්නෙත් ඒ වගේ නිසි වෘත්තීය ක්ෂේත්‍රයක් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දෙන උපාධි පාඨමාලා කිහිපයකින් සමන්විත රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. 🔴මොකක්ද මේ සාගර විශ්ව විද්‍යාලය කියන්නේ? ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය කියන්නෙ 2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ ධීවර හා නාවික ක්ෂේත්‍රයන් ගේ මිනිස්බල අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කරන ලද වර්තමානයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ය. මුල්වරට නිදහස් අධ්‍යාපනය යටතේ උසස් පෙළ නිම කල සිසුන්ට සාගර විශ්ව විද්‍යාල විවෘත වුනේ 2017 වසරට අදාලවයි. 🔴සාගර විශ්වවිද්‍යාලය මගින් ප්‍රධානය කරන උපාධි පාඨමාලා මොනවද? නාවික හා ධී...

ශ්‍රී ලංකාව විදේශිකයෙකුගේ ඇසින්: විදේශිකයන්ට අමුතු විදියට පෙනෙන ලංකාවේ සාමාන්‍ය දේවල් දහයක්

Image
  අපි ඕනෑම කෙනෙකුට විදේශ රටකට අලුතෙන්ම ගියාම ඇති වෙන්නේ නුපුරුදු හැඟීමක්. අපි හැදුනු වැඩුණු සංස්කෘතියට වඩා වෙනස් තැනකට අනුගත වෙන්න කොහොමත් ටිකක් කල් යනවා. ඒ කාලය ඇතුලත අපි අතින් නොදැනුවත්ව වෙන දේවල් නිසා අපහසුතා වලට මුහුණ දෙන්නත් (හුඟක්විට) සිදුවෙනවා. වවුලගේ ගෙදර යනවා නම් එල්ලිලා නිදාගන්න ලෑස්ති වෙලා යන්න කියන්නේ ඒ නිසයි. විදේශ රටකට යනවා නම්, විශේෂයෙන්ම ටික කාලයක් නැවතිලා ඉන්න යනවා නම්, ඒ රටේ සංස්කෘතිය ගැන යම් අවබෝධයක් තියෙන එක බොහොම වැදගත්. ලෝකයේ බොහෝ රටවල් වල සංචාරකයින් ශ්‍රී ලංකාව සලකන්නේ ආගන්තුක සත්කාරය දන්නා, මිත්‍රශීලී මිනිසුන් වෙසෙන රටක් විදිහට. ඒත් ඉතින් ලංකාවට එන විදේශිකයන්ටත් මේ වගේ අමුතුවට පෙනෙන කාරණා බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ කෑම බීම විධි, සිරිත් විරිත්, සහ භාෂාව වගේ දේවල් බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක්. තමන් ලංකාවට ආපු වෙලාවක හිතුනු දේවල් කිහිපයක් ගැන ස්වීඩන් ජාතික තරුණියක් ලියපු ලිපියක් තමයි මේ. මේකේ තියෙන්නේ විදේශික කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න බැරි දේවල් 10ක් ගැන (ඇයගේ රටේ කාලගුණය, සමාජ පරිසරය සහ සංස්කෘතියත් එක්ක සැසඳීමක්). අපිට බොහොම සාමාන්‍ය දේවල් වුණත් විදේ...

PayPal, Fiverr ගැන කියන ඇතැම් කතාවල ඇත්ත නැත්ත

Image
    Fiverr, Pico Workers, Payoneer, Paypal ආදියට අලුතින් පිවිසෙන අයට විවිධ අය කියන කතා නිසා ඒවා ගැන අනියත බියක් මතුවනවා. එකම PC එකකින් ගිණුම් කිහිපයකට යන්න එපා ද?, Verify නොකර Payoneer පාවිච්චි කරන්න බැරි ද?, රවුටරේ මාරු කළොත් PicoWorkers එක අවුල් යාවිද? වගේ ප්‍රශ්න රැසකට මේ ලිපියෙන් ඔබට උත්තර ලැබේවි. Fiverr, Pico Workers වැනි සේවා සපයා මුදල් ඉපැයිය හැකි වෙබ් අඩවිවලට පිවිසෙන අයට මේ platforms ගැන ෆේස්බුක් එක පුරා විවිධ අය, විවිධාකාරයෙන් පළ කරන මත දකින්නට ලැබෙනවා. මේ වෙනුවෙන් ම උපදෙස් දීම සඳහා ඇතැම් පාඨමාලා ද ඇති අතර, “අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම” යන නමින් එතැන වෙනම මුදල් ගැරීමක් ද සිදු වෙනවා. කෙසේ නමුත් නිසි අවබෝධයක් නොමැතිකම නිසා ෆේස්බුක්, PayPal, Payoneer ගිණුම් ගැන පවා බොහෝ දෙනෙක් සතුව අනියත බියක් ඇති බැවින් එය හැකිතාක් දුරු කරන්නට අපි මේ ලිපියෙන් උත්සාහ කරනවා. PayPal account එක Link කළොත් limit වේවි ද? දේශපාලන පොරොන්දුවක් බවට පවා පත්ව තිබූ PayPayl ශ්‍රී ලංකාවට ලබා ගැනීම මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් සිදු වී නැහැ. මේ නිසා PayPal ‍හරහා ඔබට ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට සල්ල...