ශ්‍රී ලංකාව විදේශිකයෙකුගේ ඇසින්: විදේශිකයන්ට අමුතු විදියට පෙනෙන ලංකාවේ සාමාන්‍ය දේවල් දහයක්
අපි ඕනෑම කෙනෙකුට විදේශ රටකට අලුතෙන්ම ගියාම ඇති වෙන්නේ නුපුරුදු හැඟීමක්. අපි හැදුනු වැඩුණු සංස්කෘතියට වඩා වෙනස් තැනකට අනුගත වෙන්න කොහොමත් ටිකක් කල් යනවා. ඒ කාලය ඇතුලත අපි අතින් නොදැනුවත්ව වෙන දේවල් නිසා අපහසුතා වලට මුහුණ දෙන්නත් (හුඟක්විට) සිදුවෙනවා. වවුලගේ ගෙදර යනවා නම් එල්ලිලා නිදාගන්න ලෑස්ති වෙලා යන්න කියන්නේ ඒ නිසයි. විදේශ රටකට යනවා නම්, විශේෂයෙන්ම ටික කාලයක් නැවතිලා ඉන්න යනවා නම්, ඒ රටේ සංස්කෘතිය ගැන යම් අවබෝධයක් තියෙන එක බොහොම වැදගත්. ලෝකයේ බොහෝ රටවල් වල සංචාරකයින් ශ්‍රී ලංකාව සලකන්නේ ආගන්තුක සත්කාරය දන්නා, මිත්‍රශීලී මිනිසුන් වෙසෙන රටක් විදිහට. ඒත් ඉතින් ලංකාවට එන විදේශිකයන්ටත් මේ වගේ අමුතුවට පෙනෙන කාරණා බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ කෑම බීම විධි, සිරිත් විරිත්, සහ භාෂාව වගේ දේවල් බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක්. තමන් ලංකාවට ආපු වෙලාවක හිතුනු දේවල් කිහිපයක් ගැන ස්වීඩන් ජාතික තරුණියක් ලියපු ලිපියක් තමයි මේ. මේකේ තියෙන්නේ විදේශික කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න බැරි දේවල් 10ක් ගැන (ඇයගේ රටේ කාලගුණය, සමාජ පරිසරය සහ සංස්කෘතියත් එක්ක සැසඳීමක්). අපිට බොහොම සාමාන්‍ය දේවල් වුණත් විදේ...