Posts

Showing posts from September, 2022

PayPal, Fiverr ගැන කියන ඇතැම් කතාවල ඇත්ත නැත්ත

Image
    Fiverr, Pico Workers, Payoneer, Paypal ආදියට අලුතින් පිවිසෙන අයට විවිධ අය කියන කතා නිසා ඒවා ගැන අනියත බියක් මතුවනවා. එකම PC එකකින් ගිණුම් කිහිපයකට යන්න එපා ද?, Verify නොකර Payoneer පාවිච්චි කරන්න බැරි ද?, රවුටරේ මාරු කළොත් PicoWorkers එක අවුල් යාවිද? වගේ ප්‍රශ්න රැසකට මේ ලිපියෙන් ඔබට උත්තර ලැබේවි. Fiverr, Pico Workers වැනි සේවා සපයා මුදල් ඉපැයිය හැකි වෙබ් අඩවිවලට පිවිසෙන අයට මේ platforms ගැන ෆේස්බුක් එක පුරා විවිධ අය, විවිධාකාරයෙන් පළ කරන මත දකින්නට ලැබෙනවා. මේ වෙනුවෙන් ම උපදෙස් දීම සඳහා ඇතැම් පාඨමාලා ද ඇති අතර, “අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම” යන නමින් එතැන වෙනම මුදල් ගැරීමක් ද සිදු වෙනවා. කෙසේ නමුත් නිසි අවබෝධයක් නොමැතිකම නිසා ෆේස්බුක්, PayPal, Payoneer ගිණුම් ගැන පවා බොහෝ දෙනෙක් සතුව අනියත බියක් ඇති බැවින් එය හැකිතාක් දුරු කරන්නට අපි මේ ලිපියෙන් උත්සාහ කරනවා. PayPal account එක Link කළොත් limit වේවි ද? දේශපාලන පොරොන්දුවක් බවට පවා පත්ව තිබූ PayPayl ශ්‍රී ලංකාවට ලබා ගැනීම මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් සිදු වී නැහැ. මේ නිසා PayPal ‍හරහා ඔබට ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට සල්ල...

ත්‍රස්ත ඉලක්ක සුනුවිසුණු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන්යානා තුනක්

Image
  LTTE ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් කල මෙහෙයුම් සියල්ලේදීම ගුවන් හමුදාව විසින් කළ මෙහෙය අති විශිෂ්ඨයි. LTTE ත්‍රස්ත සංවිධානය අඩපණ කිරීම සඳහාත් පාබල හමුදාවට ඉදිරියට යාම සදහාත් හදුනාගත් ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ගුවන් හමුදාවේ ප්‍රධානතම රාජකාරීන් අතරින් එකක්. ඒ සඳහා අධිවේගී ප්‍රහාරක ගුවන්යානා මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද ගුවන් හමුදාව විසින් යොදාගනු ලැබුවා. මේ ආකාරයට සාර්ථක ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදාගත් ප්‍රහාරක ගුවන්යානා තුනක් පිළිබඳවයි අද ලිපිය. මෙම ප්‍රහාරක ගුවන්යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතුවුණු ආකාරය හා ඒවායේ විශේෂත්වය මේ ලිපිය මගින් විස්තර කරන්නට අපි උත්සාහ කළා. ශබ්දයේ වේගය පරයා යන ගුවන් හමුදා ප්‍රථම ප්‍රහාරක ගුවන්යානය F-7 චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ F-7 යානාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදීගත් ශබ්දයේ වේගය පරදවා ගමන් කළ හැකි ප්‍රථම ප්‍රහාරක ගුවන් යානය වෙනවා. LTTE ත්‍රස්තයන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සාර්ථක ගුවන් ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් පැරණිම ප්‍රහාරක ගුවන් යානය වන්නේත් F-7 යානයයි. 1991 වස...