දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක්
විද්‍යාව සහ ඉතිහාසය කියන්නේ බොහො ම රසවත් විෂය පථයන් දෙකක්. එම විෂය පථ දෙක එකට ගත් විට රසවත් බව තවත් වැඩි වෙනවා. ඉතිහාසය පෝෂණය කිරීමෙහි ලා විද්‍යාව ඉටු කොට ඇති කාර්යභාරය අති විශාල යි. සරලව ම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස ඇති ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පමණක් වුණත් අපට කරුණු රාශියක් සොයාගත හැකි යි. ඒ අනුව මූලද්‍රව්‍ය කිහිපයක් පිටුපස ඇති රසවත් ඉතිහාස කතා කිහිපයක් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම. මායාකරුවන්ගේ අභිරහස් පාෂාණය වර්තමානයේදී බේරියම් මූලද්‍රව්‍යය සහ බේරියම් ආශ්‍රිත සංයෝග විවිධ කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා භාවිත කරනවා. සෞඛ්‍යමය ගැටලු සඳහාත් බේරියම් ආශ්‍රිත සංයෝගවලින් මනා ප්‍රයෝජනයක් ලැබෙන බව සඳහන් වෙනවා. බේරියම් කියන්නේ මිනිසුන් මධ්‍යකාලීන යුගයේ පවා හොඳින් දැන සිටි මූලද්‍රව්‍යයක්. එය අද අපි දන්නා ආකාරයට වඩා වෙනස් ආකාරයකින් එදා ප්‍රයෝජනයට ගත් බවක් පෙනී යනවා. මධ්‍යකාලීන යුගයේ ඉතාලියේ බොලොග්නා ප්‍රදේශය අවට එක්තරා සිනිඳු පාෂාණ විශේෂයක් දක්නට ලැබී තිබෙනවා. කෙටි කාලයක් ආලෝකයට නිරාවරණය වීමට ඉඩ හැර අඳුරේ තැබූ විට අඳුරේ පවා බැබළීමේ හැකියාවක් එම පාෂාණ විශේෂයේ තිබූ...