Posts

Showing posts from August, 2022

කතරගම මංගල්‍යයට පහළවන තින්නෝරුවල පුදුම කතාව

Image
  රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය මේ දිනවල පැවැත්වෙනවා. ගිය අවුරුද්දේ කොඩිව් අවදානම නිසා බොහෝ දෙනාට එයට සහභාගි වීමට ඉඩ ලැබුණේ නැහැ. මෙවර බැතිමතුන් විශාල පිරිසක් කතරගම වැඳ පුදා ගැනීමට පැමිණ තිබෙනවා. කතරගම ඇසළ මංගල්ලය ළංවීමත් සමඟ ස්වාභාවික ව පොළවෙන් හට ගන්නා තින්නෝරු ලබා ගැනිමට පසුගිය කාලයේ තින්නෝරු පතල් කැපීමත් දකින්න ලැබුණා. සුදු පාට පව්ඩර් වර්ගයක් වැනි මේ පූජනීය තින්නෝරු මොනවද කියලා සොයා බලමු.  පොළොවෙන් හාරා ගත් තින්නෝරු ලොව එක ම ස්වභාවික තින්නෝරු අප රටේ පමණක් නොවෙයි, ලොව ඇති ඕනෑම දේවාලයකට කෝවිලකට පැමිණෙන බැතිමතුන්ට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ආලේප කරන්නේ තින්නෝරු යි. තින්නෝරු, විභූති, පරහද යන නම්වලින් ද මෙය හදුන්වනවා. කතරගම දි නම් කපු මහතා ආශිර්වාද කර ඔහු ම බැතිමතුන්ගේ නළලේ තින්නෝරු ගානවා. තින්නෝරු හෙවත් විභූති නම් සුදු පැහැති පිටි වැනි පාෂාණ කුඩු ලොව ස්වාභාවිකව ම ලැබෙන එකම ස්ථානය ඇත්තේ කතරගම පමණ යි. ඉන්දියාවේ ද කෝවිල් සඳහා විශාල වශයෙන් විභූති තනා ගන්නවා. ඔවුන් තින්නෝරු නිපදවන්නේ වියළා ගත් ගොම මතට පිදුරු දමා හොඳින් ගිනි අවුළුවා ගැනීමෙන් පසු එකතු වන අළුවලි...