හොල්මන් අවතාර ගැවසෙන ලොව සුපතළ තැන් 6ක්
විද්‍යාත්මක කරුණු මත පදනම් ව තර්ක කරන විට විශ්වාස කිරීමට අපහසු වුවත් හොල්මන් සහ අවතාර පිළිබඳ විශ්වාස දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ මුල්බැස ගෙන තිබේ. සම්භාව්‍ය නවකතා සහ වෙනත් සාහිත්‍ය නිර්මාණවල පවා එවැනි දැ පිළිබඳ කතන්දර නිතර අසන්නට ලැබේ. සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකාව වැනි තරමක් සම්ප්‍රදායානුකුල චින්තනයක් සහිත රටවල පමණක් නොව බටහිර රටවල පවා එවැනි විශ්වාස පැවතීම යි. බටහිර රටවල ප්‍රසිද්ධ, හොල්මන් - අවතාර පිළිබඳ කතන්දර සහ ඒවා හා බැඳුණු ස්ථාන කිහිපයක් පිළිබඳවයි මේ ලිපිය. 1. ඔහියෝ හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය/ එක්සත් ජනපදය අමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ හි පිහිටි මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඉදිකිරීමට පෙර එම ඉඩමේ යුද සෙබළුන් රැඳී සිටි කඳවුරක් පිහිටා තිබිණි. පසුකාලීන ව තරුණ වියේ පසු වූ වැරදිකරුවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට වෙළෙඳාම පිළිබඳ ව අවබෝධයක් ලබා දීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. 1896 සිට 1990 දක්වා විවෘතව තිබූ මෙම මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 150,000කට වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය වූ බව කියැවේ. පුනරුත්ථාපන මධ්‍යස්ථානය මුල් කාලයේ දී, එහි රඳවා සිටි පුද්ගලයන්ට නිදහසේ කාලය ගත කළ හැකි ...