මොකද්ද මේ සාගර විශ්වවිද්‍යාලය

 
💙🤍ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය🤍💙

බොහෝ දෙනෙක් නොදැනුවත්ව සිදුකරන වැරදි ක්‍රියාවක් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොතෙහි සදහන්ව නොමැති විශ්ව විද්‍යාල, අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික යැයි සිතා අතහැර දැමීම. නමුදු නිශ්චිත වෘත්තීය ක්ෂේත්‍රයක් ඉලක්ක කොට හදුන්වා දෙන ලද උපාධි පාඨමාලා වලට වැඩි වටිනාකමක් වර්තමාන යේ හිමිවන බව ඔබ නොදන්නවා විය හැකියි.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය කියන්නෙත් ඒ වගේ නිසි වෘත්තීය ක්ෂේත්‍රයක් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දෙන උපාධි පාඨමාලා කිහිපයකින් සමන්විත රාජ්‍ය විශ්වවිද්‍යාලයක්.

🔴මොකක්ද මේ සාගර විශ්ව විද්‍යාලය කියන්නේ?

ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය කියන්නෙ 2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ ධීවර හා නාවික ක්ෂේත්‍රයන් ගේ මිනිස්බල අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කරන ලද වර්තමානයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ය.

මුල්වරට නිදහස් අධ්‍යාපනය යටතේ උසස් පෙළ නිම කල සිසුන්ට සාගර විශ්ව විද්‍යාල විවෘත වුනේ 2017 වසරට අදාලවයි.

🔴සාගර විශ්වවිද්‍යාලය මගින් ප්‍රධානය කරන උපාධි පාඨමාලා මොනවද?

නාවික හා ධීවර ක්ෂේත්‍රයන් මුල් කර ගනිමින් උපාධි පාඨමාලා හයක් මේ වන විට සාගර විශ්වවිද්‍යාලය මගින් ප්‍රධානය කරනවා.

▫️B.sc(hons) in Marine Engineeing
▫️Bsc in Maritime transportation management and logistics
▫️B.sc in Fisheries and Marine science
▫️B.sc in Oceanography
▫️B.sc in coastal and Marine resources Management
▫️B.tech in Aquaculture and Seafood technology

මේ සියලුම උපාධි පාඨමාලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුනාගත් (UGC recognized ) උපාධි පාඨමාලා වේ.

🔷️උපාධි පාඨමාල වල ගුණාත්මකබව ගැන අපි කතා කරමු.

Bsc.(Hons) Marine Engineeing උපාධියට නාවික ඉංජිනේරුවන් සදහා වන ජාත්‍යන්තර ආයතනය වන Imarest ආයතනය මගින් සාමාජිකත්වය ලැබී තිබෙන අතර නාවික ඉංජිනේරුවෙක් වශයෙන් නැවක සේවය කිරීමට ලබාගත යුතු සහතිකය වන CDC සඳහා ද අනුමැතිය ලැබී ඇති එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය වෙන්නෙ සාගර විශ්ව විද්‍යාලයයි.

Bsc.Maritime transportation and logistic උපාධිය සඳහා වරලත් ප්‍රවාහන හා කාර්‍යෝපාය ආයතනය (CILT ) විසින් සාමාජිකත්ව ලැබී ඇත.

ඒ වගේම කොරියන් රජය යටතේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සහ Korea Maritime and ocean university සමග සිඳුවන ශිෂ්‍ය හුවමාරුව යටතේ වසරකට තෝරාගත් සිසුන් පිරිසකට කොරියාවේදී නොමිලේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද විශ්ව විද්‍යාලය ලැබූ සුවිශාල ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සීඝ්‍රයෙන් විශ්වවිද්‍යාලය ව්‍යුහය දියුණු කරමින් සිටින විශ්වවිද්‍යාලයක්.කොරියානු රජයේ අනුග්‍රහය සමග Koica ව්‍යාපෘතිය හරහා විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතිනවා.

ඉතින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හරහා ඔබට විද්‍යාවේදී උපාධි (සාමාන්‍ය/ගෞරව ) 100% ක් නොමිලේ හැදෑරීමට
අවස්ථාව හිමි වේ.

උසස් පෙළ සමතුන්ට පහත සුදුසුකම් වලට අනුව මේ වන විට අයදුම්පත් කැඳවා ඇත.

1) B.Sc (Hons) in MARINE ENGINEERING (Shore based/Seafarer)

🔺️ඇතුලත් වීමේ සුදුසකම්,

🔹️භෞතික විද්‍යා විෂය ධාරාවෙන් සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඇතුළුව උසස් පෙළ අවම C සාමාර්ථ 2ක් හා එක් S සාමර්ථක් සමඟින් සමත්
වීම.
(උපරිම වාර 3කට යටත්ව)

🔺️බඳවා ගැනීම්,

🔹️බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z- අගය පාදක කර ගනිමින් සිදුකරනු ලබයි.

2) B.Sc. in MARITIME TRANSPORTATION MANAGEMENT & LOGISTIC (General/Hons)

🔺️ඇතුලත් වීමේ සුදුසුකම්,

🔹️ඕනෑම විෂය ධාරාවකින් අවම S සාමර්ථ 3ක් සමඟ උසස් පෙළ සමත් වීම.
(උපරිම වාර 3 කට යටත්ව)

🔺️බඳවා ගැනීම්,

🔹️අභියෝගතා පරීක්ෂණයක් තුලින් සිසුන් තෝරාගනු ලබයි.

🔸️වසර තුනක සාමාන්‍ය උපාධියෙන් පසුව විශිෂ්ටත්වය මත ගෞරව උපාධිය දක්වා හැදෑරීමට හැකියාව තිබේ.

3) B.Sc. in COSTAL & MARINE RESOURCES MANAGEMENT (General/Hons)

🔺️ඇතුලත් වීමේ සුදුසුකම්,

🔹️ඕනෑම විෂය ධාරාවකින් අවම S සාමර්ථ 3ක් සමඟ උසස් පෙළ සමත් වීම.
(උපරිම වාර 3 කට යටත්ව)

🔺️බඳවා ගැනීම්,

🔹️අභියෝගතා පරීක්ෂණයක් තුලින් සිසුන් තෝරාගනු ලබයි.

🔸️වසර තුනක සාමාන්‍ය උපාධියෙන් පසුව විශිෂ්ටත්වය මත ගෞරව උපාධිය දක්වා හැදෑරීමට හැකියාව තිබේ.

4) B.Sc. in FlSHERIES & MARINE SCIENCE (General/Hons)

🔺️ඇතුලත් වීමේ සුදුසකම්,

🔹️ජීව විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව සමඟ අවම S සාමර්ථ 3ක් සමඟ උසස් පෙළ සමත් වීම.
(උපරිම වාර 3 කට යටත්ව)

🔺️බඳවා ගැනීම්,

🔹️බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z අගය පාදක කර ගනිමින් සිදුකරනු ලබයි.

🔸️වසර තුනක සාමාන්‍ය උපාධියෙන් පසුව විශිෂ්ටත්වය මත ගෞරව උපාධිය දක්වා හැදෑරීමට හැකියාව තිබේ.

5) B.Sc. in OCEANOGRAPHY (Hons)

🔺️ඇතුලත් වීමේ සුදුසුකම්,

🔹️භෞතික විද්‍යාව ඇතුළුව භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජෛව විද්‍යා විෂය ධාරාවෙන් අවම S සාමර්ථ 3ක් සමඟ උසස් පෙළ සමත් වීම.
(උපරිම වාර 3කට යටත්ව.)

🔺️බඳවා ගැනීම්,

🔹️බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z අගය පාදක කර ගනිමින් සිදුකරනු ලබයි.

6) Btech. In Aquaculture and Seafood Technology

🔺️ඇතුලත් වීමේ සුදුසකම්,

🔹️ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් අවම S සාමර්ත 3ක් සමඟ උසස් පෙළ සමත් වීම.
(උපරිම වාර 3 කට යටත්ව)

හෝ

🔹️අදාළ තාක්ෂණ ක්ෂේත්‍රයෙන් NVQ level 5 හෝ ඊට ඉහළ සුදුසුකමක් තිබීම.

🔺️බඳවා ගැනීම්,

🔹️බඳවා ගැනීමේ ප්‍රමුඛතාවය Z අගය පාදක කර ගනිමින් සහ අභියෝගතා පරීක්ෂණයක් තුලින් සිදුකරනු ලබයි.

🔴පාඨමාලා සඳහා අයදුම් කල යුතු වන්නේ www.ocu.ac.lk වෙබ් අඩවිය හරහා වන අතර, එක් අයදුම්කරුවෙකුට කැමත්ත පරිදි උපාධි පාඨමාලාවන් 3ක් සඳහා අයදුම් කිරීමට අවස්ථව හිමි වේ.

❌අයදුම්පත් බාර ගන්න අවසන් දිනය 2022 ඔක්තෝබර් 7 වේ❌

වැඩිදුර තොරතුරු : 011 434 6979 (ශිෂ්‍ය කටයුතු අංශය)

🔴 උපාධි පාඨමාලා පිලිබද සම්පූර්ණ විස්තර
http://ocu.ac.lk/bachelors-degree/

🔴 Instructions to Applicants (PDF)
🔹️How to Apply online -
http://ocu.ac.lk/wp-content/uploads/2022/09/Application-steps.pdf

🔴 Online application -
https://emis.ocu.ac.lk/app/applicationform_OCU.php

Comments

Popular posts from this blog

ජලභීතිකාව ගැන දැනගනිමු

PayPal, Fiverr ගැන කියන ඇතැම් කතාවල ඇත්ත නැත්ත