මොකද්ද මේ සමතුලිතතා ප්‍රකාශනයේ ජලය අත ඇරලා ලියන කතාව
ගොඩක් ලමයි වැරදියට ඉගෙන ගන්න දෙයක් තමයි.මේ ඉහත කියපු කතාව සමහර අය කටපාඩමුත් කරන් ඉන්නවා.
SbCl3 (aq) + H2O (l) = SbOCl (s) + 2 H+ (aq) + 2 Cl- (aq)
දැන් හිතා ගන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධවෙන්නේ මේ ජලය අඩංගු භාජනේ කියලා.
දැන් ඔයාලා මේකේ සමතුලිතා ප්‍රකාශනය ලිව්වම එන එක මෙන්න මේ ප්‍රකාශනය
දැන් මේ sbocl අයින් වුනේ මොකද කියලා අහන්න එපා ඒ මොකද ඒක ඝනයක් ඝනයක සාන්ද්රණයනියතයි.මෙතන දි ජලය අයින් කලේ මොකද දන්නවද මේ ප්‍රතික්‍රියාව කරන පද්ධතිය තියෙන්නේ ජලයඒ වගේම ජලය විශාල ප්‍රමානයක් තියෙනව ඉතින් මහ මුහුදෙන් දිය දෝතක් ගත්තත් දිය දෝතක් දැම්මත්ලුණූ රහ වෙනස් වෙනවද ලුණූ රහ නියතයි නේද ඒ වගේ තමා මෙතන ජලය විශාල ප්‍රමානයක් තියෙනහින්දා ජලය නියත වෙලයි තියෙන්නේ.ඒකයි සමතුලිත ප්‍රකාශනයේ මේ වගේ ජලය නියත හින්දානොලියන්නේ ඇත්තටම නොලියනව නෙමෙයි.මෙතන සමතුලිතා නියතය ඇතුලේ ඒ පදයත් තියෙනවහැබැයි අපි මෙහෙම හිතුවොත් ඔය ප්‍රතික්‍රියාවම ඊතර මාධ්‍යයක කරොත් එතකොට තියෙන්නේ ජලයමුහුදක් නෙවෙයිනේ ඊතර මුහුදක් ඒක නිසා ඒ සමතුලිතතා ප්‍රකාශනයේ ජලය ලියන්නම ඕන.ඔයාලට දැනගන්න ඕන විශය කරුණක් හෝ වෙනදෙයක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න.



Comments
Post a Comment