මයිකල් ෆැරඩේ
මයිකල් ෆැරඩේ
යිකල් ෆැරඩේ උපත ලබා ඇත්තේ නිව්න්ගමන් බට්ස් හීදීය. ඔහුගේ පවුල මධ්‍යම පාන්තික පවුලකි. ඔහු ලන්ඩනයට පැමිණියේ වර්ෂ 1790 දී ඩෙස්ටිමෝලන්ඩ් හි සිටය. එහි දී කම්මල් කරුවෙකු වශයෙන් ඔහු සේවය කළේය. මුලික අධ්‍යාපනය පමණක් ලබා තිබු ඔහුට සිය අධ්‍යාපන කටයුතු සඳහා බොහෝ කැපවීම් කරන්නට සිදුවිය. වයස අවුරුදු 14 දී ඔහු දේශීය පොත් බඳින්නෙකු වූ ජෝර්ජ් රිබාවු යටතේ වැඩ පුහුණ විය. ඔහු ෆැරඩේගේ මිතුරෙකි. වයස අවුරුදු 7 ක කාලය තුළ දී ඔහු විශාල පොත් ප්‍රමාණයක් කියවා තිබුණි. අයිසැන් බොට්ගේ “මනසේ වර්ධනය” ආදී කෘති ඒ අතර විය. ෆැරඩේ එම කෘති තුළ වූ අන්තර්ගතයන් ක්‍රියාවට නැංවුයේය. විද්‍යාව හා විශේෂයෙන් විදුලිය කෙරෙහි ඔහු උනන්දුවක් දැකවූයේය. ඔහුට ජේන් මාර්සෙට්ගේ රසායන විද්‍යාවේ සංරක්ෂණය නැමති පොත ඒ සඳහා උපකාරී විය. වයස අවුරුදු 20 දී (1812) පුහුණු කාලය අවසන, ෆැරඩේ රෝයල් ඇස්ටිටියුට් හි ආචාර්ය හම්ප්ප්‍රි ඩේවි හා ජෝන් මැටමිගේ දේශන වලට සහභාගි විය. එම දේශන වලට සහභාගි වීම සඳහා බොහෝ ප්‍රවේශ පත්‍ර ෆැරඩේට දෙනු ලැබුවේ විලියම් ඩාන්ස් විසිනි. ඉන්පසු ඔහු දැක්වු අනුග්‍රහය වෙනුවෙන් ෆැරෙඩේ විසින් දේශනවලින් ගත් සටහන් ඇතුළු පිටු 300 ක පොතක් ඩේවි හට ත්‍යාගයක් ලෙස යැවීය. අනතුරක් හේතුවෙන් ඩේවි අක්ෂි ආබාධයකට ලක්විය. පසුව ඔහු ෆැරඩේව සිය ලේකම්වරයා ලෙස පත්කර ගත්තේය. රෝයල් ඉන්ස්ටිටියුටිහි සහායකු වන ජෝන් ජේන් එම තනතුරින් ඉවත් වූ පසු, සර් හම්ප්ප්‍රි ඩේවි විසින් ෆැරඩේව එම ආයතනයට බඳවා ගන්නා ලදි. ෆැරඩේ මාර්තු 01 වනදා රසායන සහයකරුවෙකු ලෙස එම ආයතනයට පත් විය.
පන්ති මත පදනම් වූ එකළ ඉංග්‍රීසි සමාජයේ ෆැරඩේ වැදගතෙකු ලෙස පිළි නොගැනුණි. 1813 -5 දී ඩේවි යුරෝපයේ විශාල සංචාරයක් සදහා ගිය විට ඔහුගේ සේවකයෝ ඔහු සමග නොගියේය. ඩේවිගේ විද්‍යා සහයකයා ලෙස ඔහු සමග ගිය ෆැරඩේ හට කෙනෙකු සොයා ගන්නා තෙක් සේවකයාගේ කාර්යභාරය ද ඉටු කිරීමට විය. ඩේවිගේ භාර්යාව ජේන් ඇප්‍රීස් ෆැරඩේට සමසේ සැලකීම ප්‍රතික්ෂේප කළ අතර (ඔහුට වාහනයෙන් පිට ගමන් කිරීමට සැලැස්වීම, සේවකයින් සමග ආහාර ගැනීම ආදිය විය) එමගින් ෆැරඩේ ඉතා කළ කිරීමට පත් වූ අතර තනිව එංගලන්තයට ගොස් සියලු විද්‍යා වැඩ අතහැර දැමීමට සිතුවේය. කෙසේ නමුත් ඔහු චාරිකාවේ රැදී සිටි අතර එහිදී ඔහුට යුරෝපීය විද්‍යා විශිෂ්ටයන් හා උනන්දුව ඇති කරන අදහස් ඇති විශාල සංඛ්‍යාවක් ද හමු විය. ඹහුගේ අනුග්‍රාහකයා හා උපදේශකයා වූයේ රාජකීය ආයතනයේ රසායන විද්‍යාව පිළිබද ෆුලේරියන් මාහාචාර්ය පදවිය ඇති ජෝන් ‘මැඩ් ජැක්’ ෆුලර්ය.
විද්‍යාත්මක ජයග්‍රහණ
***රසායන විද්‍යාව***
ෆැරඩේ මුල්ම රසායනික වැඩ සිදුකරන ලද්දේ ඩේවිගේ සහායකයා ලෙසය. ෆැරඩේ ක්ලෝරීන් පිළිබද විශේෂයෙන් අධ්‍යයනය කළ අතර කාබන්හි නව ක්ලෝරයිඩ 2ක් සොයාගන්නා ලදී. ජෝන් ඩෝල්ටන් විසින් මුලින් පෙන්වා දුන් තෝමස් ග්‍රැහැම් හා ජෝසප් ලොෂ්මිඩ් විසින් භෞතික වැදගත්කම පෙන්වාදුන් වායු විසරණයේ ප්‍රථම දළ පරීක්ෂණය ඔහු විසින් සිදු කරන ලදී. ඔහුට වායු වර්ග කිහිපයක් ද්‍රවීකරණය කළ හැකි විය. තවද වානේවල මිශ්‍ර ලෝහ කිහිපයක් සොයා ගැනීමට ද විවිධ අවශ්‍යතා සදහා යොදා ගත හැකි වීදුරු වර්ග නිපදවීමට ද ඔහුට හැකි විය. මෙම වීදුරු වර්ගවලින් එක් වර්ගයක් පසුව ෛඑතිහාසිකව විශාල වැදගත්කමකට උරුමකම් කීය. චුම්භක ක්ෂේත්‍රයක් තුළ තැබූ එම වීදුරු මගින් තල ධ්‍රැවිත ආලෝක තලය වෙනස් වන බව ෆැරඩේ සොයා ගන්නා ලදී. තවද චුම්භක මගින් මුලින්ම විකර්ෂණයට ලක් වූයේ ද එම වීදුරු වර්ගයයි. සෑම විද්‍යාරයකට පාහේ තාප මූලාවයක් ලෙස භාවිතා වන බන්සන් දාහකයේ මුල් ආකාරයක් හදුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ද ෆැරඩේටය.
ෆැරඩේ රසායන විද්‍යා ක්ෂේත්‍රය තුළ ඉතා පුළුල් සේවයක් සිදු කළේය. බෙන්සීන වැනි රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම , (හයිඩ්‍රජන්හි බයිකාබියුරේට් ලෙස ඔහු හැඳින්වූ) ඔක්සිකරණ අංක පද්ධතිය හදුන්වා දීම , ක්ලෝරීන් වැනි වායු ද්‍රවීකරණය කිරීම ඒ අතර වේ. 1820 දී මුල්වරට කාබන් හා ක්ලෝරීන් අඩංගු සංයෝග (C2Cl6 හා C2Cl4) සංස්ලේෂණය කළ බව වාර්තා කළ අතර ඊළග වර්ෂයේදී ඔහු එම ප්‍රතිඵලය ප්‍රසිද්ධියට පත් කළේය. තවද ෆැරඩේ හම්ප්‍රි ඩේවි විසින් 1810 දී සොයාගත් ක්ලෝරීන් clathrate සජලයෙහි සංයුතිය තීරණය කළේය.
ෆැරඩේ විද්‍යුත් විච්ඡේදනයේ නීති සොයා ගත් අතර විලියම් වෙවෙල් මගින් නිර්මාණය කරන ලද ඇනෝඩය , කැතෝඩය , ඉලෙක්ට්‍රෝඩය හා අයන යන පාරිභෝෂිත ප්‍රචලිත කරන ලදී.
පසු කාලයේ දී ලෝහක නැනෝ අංශු ලෙස හැඳින්වූ චෑ ගැන මුලිකව වාර්තා කරන ලද්දේ ෆැරඩේ විසිනි. 1847 දී රත්‍රං කලිලවල ද්‍රශ්‍ය ගුණ රත්‍රං කුට්ටියකට වඩා වෙනස් බව ඔහු සොයා ගන්නා ලදී. මෙය ක්වොන්ටම් ප්‍රමාණයේ බලපෑම පිළිබඳ ප්‍රථම වර්තමාන නිරීක්ෂණය වන අතර නැනෝ විද්‍යාවේ උපත ලෙස ද මෙය සැළකීමට පුළුවන.
***විදුලිය***
ෆැරඩේ වැදගත්ම සේවයක් සිදුකරන ලද්දේ විදුලිය හා චුම්භකත්වය යන ක්ෂේත්‍ර හරහාය. ඔහු විසින් සිදු කරන ලදැයි වාර්තා වන ප්‍රථම පරීක්ෂණය වන්නේ පැන්ස භාගයේ කොටස් හතක් , තුත්තනාගම් තහඩු තැටි හතක් හා ලුණු වතුරෙහි පෙගවූ කඩදාසි කැබලි හයක් යොදාගෙන වෝල්ටීයතා කුළුණක් සෑදීමයි. මෙය යොදාගෙන ඔහු මැග්නීසියම් හි සල්ෆේට වියෝජනය කරන ලදී. (ඇබොට්හට ප්‍රථම ලිපිය 1812 ජුලි 12)
මයිකල් ෆැරඩේ 1845 දී ඔහු විසින් භාවිතා කරන ලද වීදුරු පටියක් යොදා ගනිමින් චුම්භකත්වය මගින් ආලෝකයට බලපෑමක් එල්ල කළ හැකි බව පෙන්වීය. හෙන්රි ඇඩ්ලාර්ඩ්ගේ කැටයමක විස්තර මෝල් හා පොලි බ්ලෑන්ක්ගේ ඡායාරූප මත පදනම්වය.
1821 දී ඩෙන්මාර්ක් ජාතික භෞතිකඥයෙකු හා රසායනඥයෙකු වූ හාන්ස් ක්‍රිස්ටියන් ඕර්ස්ටෙඩ් විද්‍යුත් චුම්භකත්වය යන සංසිද්ධිය සොයාගත් වගාව ඩේවි හා බ්‍රිතාන්‍ය විද්‍යාඥ විලියම් හයිඩ් වොල්ස්ටන් විදුලි මෝටරයක් නිර්මාණයට අත්සාහ කළද අසාර්ථක විය. ඔවුන් දෙදෙනා සමග උද්ගත වූ ගැටලු සාකච්ඡා කළ ෆැරඩේ උපකරණ 2ක් නිර්මාණ කරන ලදී. එකක් විද්‍යුත් චුම්භක භ්‍රමණය ලෙස හැදින්වූ අතර එහි වයරයක් වටා ඇති වෘත්තාකාර චුම්භක බලය නිසා අඛණ්ඩ වෘත්ත චිලතයක් ඇතිවන පරිදි ද අනිකේ වයරයක් චුම්භකයක් තබා ඇති රසදිය බදුනක් තුළ බහා රසායනික බැටරියකින් ධාරාව සැපයූ විට චුම්භකය වටා භ්‍රමණය වන පරිදි ද සකසා ඇත. පසුව විස්තර කරන ලද්ද සමධ්‍රැවීය මෝටරයක් ලෙස හැදින්වේ. මෙම පර්යේෂණ හා නිපැයුම් නවීන විද්‍යුත් චුම්භක තාක්ෂණයේ පදනම විය. ෆැරඩේ වොල්ස්ටන් ට හා ඩේවිට තම වගකීම් ඉටු නොකර ඔහුගේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර එම නිසා ෆැරඩේට වසර කිහිපයකට විද්‍යුත් චුම්භක පර්යේෂණවලින් සමුගැනීමට සිදුවිය. මෙම අවධියේ දී ඩේවි විසින් විද්‍යාඥයෙකු ලෙස ෆැරඩේගේ මතුවීම පමා කිරීමට උත්සාහ දැරූ බවට ද සාක්ෂි ඇත. උදාහරණයක් ලෙස 1825 දී ඩේවි ඔහුව දෘශ්‍ය වීදුරු පර්යේෂණයක් සඳහා යෙදවූ අතර වසර හයක් පුරාවටම කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව එය සිදු කිරීමට ඔහුට සිදුවිය. 1829 දී ඩේවිගේ මරණයෙන් පසු මෙම ප්‍රතිඵල රහිත වැඩය අතහැර දැමූ ෆැරඩේ වඩාත් වටිනාකමක් ඇති දේ සඳහා යොමු විය. වසර දෙකකට පසු 1831 දී විද්‍යුත් චුම්භක ප්‍රේරණය සොයාගත් විශාල පර්යේෂණ පෙළ ඔහු විසින් ආරම්භ කරන ලදී. ජෝසප් හෙන්රි මාස කිහිපයකට පෙර ස්වයං ප්‍රේරණය සොයාගත් අතර 1829 හා 1830 දී ඉතාලියේ සිටි ෆ්‍රැන්සෙස්කො සැ(z)න්ටඩෙචිගේ ක්‍රියාකාරකම්වලින් දෙදෙනාට බලාපොරොත්තු සහගත වන්නට ඇත.
ෆැරඩේගේ විශාල ඉදිරි ගමන සිදුවූයේ ඔහු පුඩුවකට සවිකරන ලද විශාල යකඩ මුද්දක් වටා පරිවරණය කළ වයර් පටවල් දෙකක් ඔතා එක් පටක් තුළින් ධාරාවක් යැවූ විට අනික තුළින් ක්ෂණික ධාරාවක් ප්‍රේරණය විය. මෙම සංසිද්ධිය අන්‍යේන්‍ය ප්‍රේරණය ලෙස හැඳින්විය. යකඩ වළලු දගර උපකරණය අදත් රාජකීය ආයතනයේ ප්‍රදර්ශනයට තබා ඇත. තවද කම්බි පුඩුවක් තුලින් චුම්භකයක් ගෙන ගිය විට කම්බියේ ධාරාවක් ප්‍රේරණය වන බවද ඔහු විසින් සොයා ගන්නා ලදී. කම්බියක් නිශ්චල චුම්භකයක් හරහා චලනය කළ ද කම්බිය තුලින් ධාරාවක් ගලයි. ඔහුගේ ආදර්ශන මගින් වෙනස්වන චුම්භක ක්ෂේත්‍රයක් මගින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන විට පෙන්වා දුණි. සම්බන්ධතාව ෆැරඩේ නියමයෙන් ගණිතමය ලෙස ආදර්ශනය කළ අතර පසු කලෙක එය මැක්ස්වෙල් සමීකරණ හතරෙන් එකක් බවට පත්විය. මේවා වර්තමානයේ ක්ෂේත්‍ර සිද්ධාන්තය ලෙස හඳුන්වන ව්‍යාපනයට දායක විය.
ෆැරඩේගේ පසු කාලීන ජීවිතය
ෆැරඩේ පසුව මෙම නියමය යොදාගෙන නූතන විදුලි ජනකවල ආරම්භකයා වූ විදුලි ඩයිනමෝව නිපදවිය.
1839 විදුලියේ ස්වභාවය සොයා ගැනීමට ඔහු විසින් පර්යේෂණ මාලාවක් සිදු කරන ලදී. ෆැරඩේ ස්ථිති විද්‍යුත් ආකර්ෂණය විද්‍යුත් විච්ඡේදනය , චුම්භකත්වය ආදී සංසිද්ධි ඇති කිරීමට බැටරි හා සත්ව විදුලිය භාවිතා කරන ලදී. එකල පැවති විද්‍යාත්මක මතයට පටහැනිව යමක් විවිධ විදුලි වර්ග අතර බෙදීම් ව්‍යාජ බවට අවසානයේ නිගමනය කරන ලදී. එක් විදුලියක් පමණක් පවතින බව ප්‍රකාශයට පත් කළ ඔහු ප්‍රමාණය හා තීව්‍රතාව (වෝල්ටීයතාව හා ආරෝපණය) වෙනස් කිරීමෙන් විවිධ සංසිද්ධි ඇතිවන බව පෙන්වා දුන්නේය.
ඔහුගේ වෘත්තියේ අවසාන කාලයේදී සන්නායකයක් අසල දී විද්‍යුත් චුම්භක බල අවකාශයට පැතිරෙන බවට යෝජනා කරන ලදී. ඔහුගේ අදහස එවකට සිටි විද්‍යාඥයන් විසින් ප්‍රතික්ෂේප කළ අතර එය යථාර්තයක් බවට පත්වන දිනය දැක ගැනීමට ඔහු ජීවත් නොවීය. ආරෝපිත ද්‍රව්‍ය වලින් හා චුම්භකවලින් ස්‍රාව රේඛා නිස්‍රාවය වීමේ ෆැරඩේගේ සංකල්පය විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර ආදර්ශනය කිරිමට ක්‍රමයක් සැලසීය. 19 වන සියවසේ ඉංජිනේරු හා කාර්මික ක්ෂේත්‍ර දිග්විජය කළ විද්‍යුත් යාන්ත්‍රික උපකරණවල දියුණුවට හේතු වූයේ මේ මානසික ආකෘතියයි.
1845 දී වර්තමානයේ ෆැරඩේ ආචරණය ලෙස හඳුන්වන ඔහු විසින් පාර ක්ෂේත්‍ර චුම්භකත්වය ලෙස හැඳින්වූ සංසිද්ධිය සොයාගන්නා ලදී. ද්‍රවමය මාධ්‍යයක් හරහා පතුරවන ලද රේඛීය ලෙස ධ්‍රැවිත ආලෝකයේ ධ්‍රැවණ තලය ව්‍යාප්ත දිශාව ඔස්සේ ඇති බාහිර චුම්භක ක්ෂේත්‍රයක් මගින් භ්‍රමණ කළ හැකිය. ඔහු ඔහුගේ සටහන් පොතේ “අවසානයේදී බල රේකාවක් හෙවත් චුම්භක වක්‍රයක් ආලෝක කරණය කිරීමටත් ආලෝක කිරණයක් චුම්භකික කිරීමට මා සමත් වූයෙමි.” යනුවෙන් සටහන් කර ඇත.
ස්ථිතික විදුලිය පිළිබඳ ඔහුගේ ක්‍රියාකාරකම්වලදී ආරෝපණ රදා පවතින්නේ සන්නායකයක් පිටත පෘෂ්ටයේ බවත් සන්නායකය තුළ පවතින කිසිදු දෙයකට එම බාහිර ආරෝපණයේ කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු විදහා දැක්වීය. මෙය සිදුවන්නේ බාහිර ආරෝපණ නැවත ව්‍යාප්තවීමේදී අභ්‍යන්තර ක්ෂේත්‍ර නිශේධනය වන නිසාය. දැනට ෆැරඩේ කුටීර ලෙස හඳුන්වන යෙදීමේදී මෙම ආචරණ සංසිද්ධිය භාවිතයට ගැනේ.
ෆැරඩේ ඔහුගේ අදහස් පැහැදිලිව හා සරල භාෂාවකින් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ පරීක්ෂණඥයෙකි. කෙසේ වුවත් ඔහුගේ ගණිතමය හැකියාව සරල වීජ ගණිතයට පමණක් සීමා විය. ජේම්ස් ක්‍ලාර්ක් මැක්ස්වෙල් විසින් ෆැරඩේගේ කාර්යය භාරගන්නා ලද අතර සමීකරණ සමූහයකින් එය සවිමත් කරන ලදී. විද්‍යුත් චුම්භක සංසිද්ධිවල සියලු නූතන සිද්ධාන්තවල හරය වී ඇත්තේ මෙම සමීකරණ සමූහයයි.


Comments
Post a Comment